ලෝක සීනි වෙළඳපොළ අල්ලන කයිවාරුව ඉවරයි… සීනි ආනයනය ටොන් 120කින් ඉහළට…!

September 15, 2025 at 11:37 am | by emanisa.lk

මේ වසරේ මුල් මාස හය තුළ මෙරටට ආනයනය කර ඇති සීනි ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් සීනි නිෂ්පාදනය පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් පෙන්වා දෙයි.

මහ බැංකු දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළ මෙරටට සීනි මෙට්‍රික් ටොන් 343,416ක් ආනයනය කර තිබේ. මෙය, 2024 වසරේ එම කාලයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 120,272ක විශාල වැඩි වීමකි. පසුගිය වසරේ මුල් මාස හයේ දී ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික් ටොන් 223,144ක් පමණි.

ඒ අතර 2025 වසරේ මුල් මාස හය තුළ දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 26,792ට පහත වැටී ඇත. පසුගිය වසරේ එම කාලය තුළ දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 42,605ක් වන අතර ඒ අනුව දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15,813කින් අඩු වී තිබේ.

කෙසේ වුව ද වර්තමාන කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විපක්ෂයේ දී සිටිය දී ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සීනි නිෂ්පාදනය කර මුළු ආසියාවටම සීනි ලබා දියහැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *