ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියන් දෙස බලා සිටින කුඩා දැරිවියන් කෙදිනක හෝ ඔවුන් විසි දෙනා වැනි වන්නට සිහින දකින බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
“අපේ මන්ත්‍රීවරියන් දෙස බලා ඉන්න පොඩි දැරියන් හිතන්නේ ඔවුන්ටත් කවදා හරි ලක්මාලි හේමචන්ද්‍ර වගේ සමන්මලී ගුණසිංහ වගේ කෞෂල්‍යා ආරියරත්න වගේ, සරෝපා පොල්රාජ් වගේ අපේ මේ ඉන්න විසි දෙනා වගේ වෙන්න ඔවුන් සිහින දකිමින් ඉන්නේ.”
අද (11) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනි හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළාය.