ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි විජේරාම ආරක්ෂිත නිල නිවසින් ඉවත් කරන්නේ කොටි ඩයස්පෝරාවට ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින් ඔවුන්ගේ කුරුමානම පහසු කිරීමට විය හැකි බව නීතීඥ මනෝජ් ගමගේ පවසයි.
ආණ්ඩුව පසුගිය සමයේ වහාම නිවසින් ඉවත් වන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුකළ තර්ජනවලට බිය නොවුණද රටේ මෙතෙක් පැවති නීති වෙනස් කොට නව නීති හඳුන්වා දී ඇති හෙයින් රටේ නීතියට ගරු කරමින් වහාම එම නිවසින් ඉවත්ව එතුමා මැදමුලන නිවසට යන බව ද ඔහු සඳහන් කරයි.
එහෙයින් අද ආණ්ඩුවට මෙන්ම කොටි ඩයස්පෝරාවට ඉතාම සතුටුදායක දවසක් බවත් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියේ නම් ඔහු ද සතුටු වන බවත් මනෝජ් ගමගේ ප්‍රකාශ කරයි. අද සිට මහින්ද රාජපජක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ආණ්ඩුව භාරගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව කීය.