උතුරේ ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නේ ඔවුන් සිංහල ප්‍රභාකරන් යැයි සිතාගෙන බව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.
ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුවේ ජරා වැඩවලට එරෙහිව 88-89 සමයේ සටන් කළ රෝහණ විජේවීර ද තමන් දෙවියකු ලෙස සලකන බවයි.
තමන් වෙනුවෙන් සටන් කර ජීවිතය පූජා කළ ප්‍රභාකරන්ට තමන් දෙවියන් යැයි කියන බවත් ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 159 දෙනාට හැකි නම් ප්‍රභාකරන්ට ත්‍රස්තවාදියෙකු යැයි කියන ලෙස අභියෝග කරන බවත් අර්ජුන් රාමනාදන් ප්‍රකාශ කරයි.
එහෙත් පසුගිය යුද සමයේ ඇඳන් යට සැඟව සිටි පිරිස අද කලිසං ඇඳ පාර්ලිමේන්තු පැමිණ එදා තමන් බේරා ගත් නායකයන්ට නඩු දමමින් රණවිරුවන් සෙබළුන් යැයි පරිභව කරමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
අද (10) පාර්ලිමේන්තුව අමතමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.