නාමල් වහාම සම්පත් මනම්පේරි පොලිසියට භාර දිය යුතුයි…! – නලින්ද ජයතිස්ස…

September 9, 2025 at 3:38 pm | by Namal

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සම්පත් මනම්පේරි නම් අය කලක් පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“මේ සම්පත් මනම්පේරි කියන පුද්ගලයා කාලයක් පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරියෙකු හැටියටත් වැඩ කරලා තියෙනවා පොඩි කාලයක්. රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු හැටියටත් ඔහු හඳුනාගෙන තියෙනවා.

ඒ චෝදනා තිබියදී තමයි පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන්නේ. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා පමණක් සීමා වෙන්නේ නෑ ඔහු තංගල්ල, මිද්දෙණිය, හම්බන්තොට ඇතුළු මේ ප්‍රදේශවල දේශපාලනඥයින් නිතර ගියපු ඇසුරු කරපු පවුලක් තමයි මේ මනම්පේරි පවුල. ඉතිං නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ කට්ටියට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ සම්පත් මනම්පේරිව පොලීසියට භාර දෙන එක…”

අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *