ආණ්ඩුව අඬබෙර ගසා විවෘත කළ රිවි දනවි සූර්ය විදුලි ව්‍යාපෘතියත් කාංචනගේ වැඩක්…!

September 8, 2025 at 12:17 pm | by Namal

වත්මන් ආණ්ඩුව ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වෙනිදා උත්සවකාරයෙන් ආරම්භ කළ සියඹලාණ්ඩුව රිවි දනවි සූර්ය විදුලි ව්‍යාපෘතිය 2023 වසරේ මාර්තු මස එවක බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව අනාවරණය වෙයි.

අදාළ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අදාළ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් කරමින් එවක ඇමති කාංචන විජේසේකර තැබූ සමාජ මාධ්‍ය සටහන මේ වන විට නැවත සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වසරේ ලංසු කැඳවා ඇති අතර 2023 වසරේ තාක්ෂණික සහ මූල්‍ය කටයුතු අධීක්ෂණය කර අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගමට එම ව්‍යාපෘතිය ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *