හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ (06) සොයා ගෙන තිබේ.
මීට පෙර එම භූමියේදීම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් වළ දමා තිබිය දී සොයා ගන්නා ලද්දේ ද එම ඉඩමෙනි.
එහිදී එම භූමියේ මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුත කැපූ කාණුවක තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක් T56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක් බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් එම නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
ඊයේ ඊට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද අත් අඩංගුවට ගෙන තිබිණි.