ඇමති ලාල් හරි… හෝටලේ වැට තියෙන්නේ වැව් රක්ෂිතේ.. මම ඒක ගලවනවා…! – ඩඩ්ලි සිරිසේන….

September 6, 2025 at 5:02 pm | by Namal

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය තාවුල්ලේ ඇති අරලිය හෝටලයේ තමන්ට අයත් නොවන ඉඩම් කැබැල්ලක වැට ගසා ඇතැයි එම හෝටලෙය් හිමිකරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කරයි.

තමන් එම වැට කොටස ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

නීතියට සියලු දෙනාම යටත් විය යුතු බව ද මේ ආණ්ඩුව නිවැරදි මාවතේ ගමන් කරන බව ද ඔහු සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.

මෙයට පෙර අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද ප්‍රකාශ කළේ අරලිය හෝටලය නොව එහි වැට වැව් රක්ෂිතයේ තනා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *