ෂැංහයි සමුළුවට නොගියේ ආරාධනා නැති නිසා නෙමෙයි… ජනාධිපතිතුමා කාර්යබහුල නිසායි…!

September 4, 2025 at 3:20 pm | by Namal

ශ්‍රී ලංකාව සංවාද සාමාජිකයකු ලෙස ෂැංහයි සමුළුව නියෝජනය කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ සඳහා සහභාගී වීමට තිබුණ ද ජනාධිපතිවරයාගේ කාර්යබහුලත්වය නිසා ඒ සඳහා එකතු නොවූ බව ද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ඉදිරියේ දී ජපානයේ නිල සංචාරයක් සඳහා ද එක්සත් ජාතීන්ගේ සමුළුවට එකතු වීමට ද ඇති බව නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඉදිරියේ දී කාල වේලාව අනුව මෙවැනි සමුළු සඳහා එකතු වන බව ද

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරධනයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතැයි මාධ්‍ය වේදියෙකු ප්‍රකාශ කළ විට ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ තමන් නොදන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *