කිසියම් පිරිසක් විසින් සොරකම් කළ තිස්සමහාරාම පොලිසියේ ජිප් රථය ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ.
ජිප් රථය සොයා ගන්නා විට එහි එන්ජිම නතර කොට යතුර යතුරු කටේම තබා ගොස් ඇත. ජිප් රථය නතර කළ ස්ථානයේ සිට කිලෝ මීටර 2ක පමණ දුර තිබී එය මෙලෙස හමුව ඇත.
පොලිස් ජිප් රථයේ එංජිම පවා නතර නොකොට එය මග දමා ඉන් බැහැර ගිය පොලිස් රියදුරාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.