ICCPR සම්මුතියෙන් දේශපාලන දඩයම් එපා… ගම්මන්පිල වෙනුවෙන් සජිත් පෙරට…!

September 4, 2025 at 10:11 am | by Namal

දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය ඇතැම් අවස්ථාවලදී පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සහ දේශපාලන දඩයම් සඳහා යොදාගෙන ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ මෙම සම්මුතිය දේශීය වශයෙන් ක්‍රියාත්මක වන විට දේශපාලන පළිගැනීම් සඳහා යොදාගෙන ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයන් සමඟ පැවති හමුවකදී ය.

ICCPR සම්මුතිය යටතේ සිදුකරන ප්‍රකාශ, එහි අන්තර්ගතය, ස්වභාවය සහ ඉන් සිදුවිය හැකි හානිය වැනි කරුණු පදනම් කර ගනිමින් විමර්ශන සිදුවන බවද විපක්ෂ නායකවරයා මෙහිදි වගකිවයුතු පාර්ශ්වයන් වෙත සිහිපත් කර සිටියේ ය.

එබැවින්, කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා මෙම සම්මුතිය උල්ලංඝනය කර ඇත්දැයි තීරණය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සම්මුතිය වැරදි ආකාරයෙන් භාවිත නොකර, එහි සැබෑ අරමුණ වන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, දේශපාලන පළිගැනීම් සිදු නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *