සංජීව ඝාතනයේ මහ මොළකරු ඩුබායි රාජ්‍යයට පළා ගිහින්… කෙහෙල්බද්ද පද්මේ තහවුරු කරයි…!

September 2, 2025 at 3:23 pm | by Namal

පාතාල නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය වන ඉෂාරා සෙව්වන්දි එම ඝාතනයෙන් පසු ඩුබායි රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර ඇති බව කෙහෙල්බද්දර පද්මේ තහවුරු කර තිබේ.

කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ දී ගණේමුල්ලේ සංජීව ඝාතනය කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත විසින් මෙහෙයවූ අතර මෙරට මෙහෙයුම භාරව කටයුතු කර තිබුණේ ඉෂාරා සෙව්වන්දි ය.

කොමාන්ඩෝ සලිඳු නම් කුලී ඝාතකයා මෙම ඝාතනය සිදුකර ඇති අතර එය මෙහෙයවූ ඉෂාරා සෙව්වන්දි මෙම ඝාතනය සිදුවී දින කීපයකට පසු කෙහෙල්බද්දර පද්මේගේ මෙහෙයවීමෙන් ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වාගෙන ඇත.

කෙසේ වුව ද මීට සති කිහිපයකට පෙර ඉෂාර සෙව්වන්දි ලංකාවේ සැඟව සිටින බවට ප්‍රකාශයක් ආණ්ඩු පාර්ශ්වයෙන් නිකුත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *