ඉන්ධන මිල අඩු වුවද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැති බව පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෝ පවසති.
ඉතා අඩු මිලකින් ඉන්ධන මිල අඩුකර ඇති බව පෙන්වා දෙන ඔවුහු පසුගිය කාලය තුළ බස් රථවල ටයර් ඇතුළු අනෙකුත් උපාංග මිල ගණන් කිහිප ගුණයකින් ඉහළ දමා ඇති බව ද පෙන්වා දෙති.
මේ හේතුව නිසා බස් ගාස්තු සංශෝධනය කිරීමේ කිසිදු හැකියාවක් නැති බව ඔවුහු සඳහන් කරති.
මේ අතර ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
එමෙන්ම ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව පාසල් වෑන් රථ ගාස්තු සහ ත්‍රී රෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවෙන බව එම සංගම් පෙන්වා දෙයි.