අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීම අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී තිබේ.
ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා මෙයට පෙර ලබා දුන් දැනුම් දීම අවලංගු කරමිනි.
මෙම සිද්ධියට අදාළව මීට පෙරද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්රදානෝත්සවය සඳහා සහභාගී වී ඇත්තේ නිල ආරාධනයක් අනුව බවත් එය එම විශ්වවිද්‍යාලය යළිත් වරක් තහවුරු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව අගෝස්තු 26 වැනිදා ඒ මහතා ඇප මත මුදා හැරිණි.
කෙසේ වෙතත් උපාධි ප්‍රධානෝත්සවයට රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී ඇත්තේ නිල ආරාධනාවක් මත බව තහවුරු කිරීමේ ලිපි ලේඛන හිටපු ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධනුෂ්ක රාම නායකමහතා මාධ්‍ය වෙත ඉදිරිපත් යළිත් වරක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වන බවට පෙර සිටම ප්‍රචාරයක් ගෙනගිය යුටියුබ් කරුවකු වන සුදන්ත තිලකසිරි සමග ඔහුගේ යුටියුබ් නාලිකාව සමග පැවැති වැඩසටහනේදී හිටපු ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයේ නිරවද්‍ය භාවය යළි යළිත් තහවුරු කිරීමට ධනුෂ්ක රාමනායකට හැකි විය.