මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්ව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අනුමැතිය නොමැතිව ආනයනිත අල ලූනි සඳහා බදු පනවන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අනීතික නියෝගයක් ක්‍රියාත්මක කරන ලෙස දිගින් දිගටම බලපෑම් කිරීම මීට හේතු වී තිබේ.
අස්වනු නෙලන කාලයට ආනයනික අල ලූනු සඳහා බදු පැනවීම සිදු වුව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතුය. එසේ වුවද කැබිනට් අනුමැතියකින් තොරව එම බදු පනවන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇතැයි වාර්තා වෙයි.
මෙම නීති විරෝධී නියෝගය ක්‍රියාත්මක කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිගින් දිගටම බලපෑම් කළ ද එම නීතිවිරෝධී නියෝගය ඉටුකළ නොහැකි බව පවසමින් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වේ.
මෙම බදු පැනවීමට දින කිහිපයකට පෙර ලූනු මෙට්‍රික් ටොන් 27,000ක් පමණ ආනයනකරුවන් විසින් ආනයනය කර ඇති අතර බදු නොගෙවා රැගෙන ආ එම ලූනු තොගය බදු සහිත නව මිලට අලෙවි කිරීමට සැලසුම් කර තිබේ. මෙරට මාසික ලොකු ලූනු අවශ්‍යතාව ටොන් 20 000ක් වන අතර මෙම ගනුදෙනුව මගින් අදාළ ව්‍යාපාරිකයන්ට කෝටි 100කට අධික අතිරේඛ ලාභයක් හිමි වන බව වෙළඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි.