ආරුගම්බේ ප්‍රදේශයට එන සංචාරකයන් එක කාල සීමාවකට පමණක් සීමා නොවී මුළු වසර පුරා ම සංචාරක ව්‍යාපාරය තුළ රඳවා ගැනීමේ වගකීම තමන්ට ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඒ සඳහා වෙරළ තීරය සමග සර්ෆින් ක්‍රීඩාව සමග බැඳුණු සංචාරක ව්‍යාපාරය රට තුළට රැගෙන යා යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
රට තුළ අභයභූමි, වන සතුන් සහ ජන දිවිය සංචාරක කර්මාන්තය සමග ඒකාබද්ධ කළ හැකි බව ද ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.
ඔහු මේ බව කීවේ, උත්සව සභාවක් අමතමිනි.