හොරු අල්ලන නාඩගමෙන් ආණ්ඩුවේ අසාර්ථකත්වය වහගන්න හදනවා…! – මෛත්‍රී ගුණරත්න…

August 30, 2025 at 12:58 pm | by Namal

වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථක වී ඇතැයි ද එය වසා ගැනීමට අල්ලස් හා දූෂණ කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාවිච්චි කරමින් ඇතැයි ද නීතීඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

එම ආයතන භාවිත කරමින් ආණ්ඩුව හොරු අල්ලනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් ඇතැයි ද එම නඩු ගැන අවබෝධයක් නොමැති සාමාන්‍ය ජනතාව ඉන් අමන්දානන්දයට පත්ව අතැයි ද ඔහු පෙන්වා දෙයි.

අල්ලස් හා දූෂණ කොමිසම එය නාටකයක් බවට පත් කර චූදිතයාට ඇප ලැබේද යන්න තීරණය කිරීමේ බලය ද ලබා ගෙන ඇතැයි මෛත්‍රී ගුණරත්න චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *