රේගුවෙන් කන්ටේනර් 323ක් පිටවීම පිළිබඳ කමිටුවක් පත්කර වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි ද සිය පක්ෂය කිසිදු වංචාවක් කරන දේශපාලන ව්‍යාපාරයක් නොවන බව මුළු රටම දන්නා බව ද ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ (25) ජාතික රූපවාහිනියේ කරට කර වැඩසටහන එකතු වෙමිනි.
එහි දී සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ප්‍රශ්න කළේ හොරකම් නොකරන බවට දිවුරන්නට හැකි ද යනුවෙනි.
ඊට ප්‍රතිචාර දක්වමින් උපුල් අබේවික්‍රම, “ඔයාගේ ඔළුවේ අත තියලා දිවුරන්නම්, ඔයා මැරෙන්න කියලා.” යැයි ප්‍රකාශ කළ අතර එම වැඩසටහනට එකතු වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විමසා සිටියේ “ඒ කියන්නේ ඔබතුමා බොරු කියන්නේ.”යනුවෙනි.