දැන් තත්ත්වය භයානකයි…. අපි උසාවි එන්නෙත් බයෙන්…! – දිලීප පීරිස්….

August 27, 2025 at 7:44 pm | by Namal

තමන්ට උසාවිට ඒමට සිදුවන්නේ බියෙන් නම් එය භයානක තත්ත්වයක් යැයි අතිරේක සොලිස්ටර ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීති කෘත්‍යයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

“ස්වාමීනි … පසුගිය නඩු දිනයේ මා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මට බාධා කිරීම් ඇති වුණා. මැදිහත් වීම් කළා. අධිකරණ කටයුතු වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබුණා. මට මගේ කනිෂ්ඨ නීතිඥවරයා පවා ඉදිරියට ගෙන්න ගන්න බැරි වුණා. මේවා අනුමත කරන්න බෑ ස්වාමීනි…

එදා නඩුව ඉවර වුණාට පස්සේ පිටත තිබූ කලබල නිසා පැයකට වැඩි කාලයක් අපිට අධිකරණය තුළ ඉන්න සිදුවුණා. ඔබතුමියටත් එසේ වෙන්න ඇති. අපිට උසාවියට එන්න වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්ත්වයක්.

මෙවැනි ක්‍රියා අනුමත කරන්න බෑ. අධිකරණ භූමිය තුළ මැරකරණය සහ ත්‍රාඩකරණයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා යුක්තියේ දෙවඟන අතේ තිබෙන අසිපත භාවිත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *