විගණන කාර්යාලය රනිල් මුදල් අවභාවිත කළ බවක් කියා නෑ… ජනාධිපති ලේකම්ට විගණන බලයක් නෑ…! – ජනාධිපති නීතිඥ තිලක් මාරපන….

August 26, 2025 at 8:09 pm | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීමේ බලයක් නොමැති බව ජනාධිපති නීතිඥ තිලක් මාරපන පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද ( 26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු දක්වමින් හෙතෙම මේ බව පෙන්වා දුන්නේය.

මෙම වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ බවත්, ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව ඇති බවක් සඳහන්ව නොමැති බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පෙනී සිටි අතර, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

රනිල් වික්‍රමසිංහට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය පළ කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන් අතර ආරාධනා පත්‍රයේ නීත්‍යානුකූලත්වය මෙතෙක් විමර්ශන කණ්ඩයම් තහවුරු කරගෙන නොමැති බව ප්‍රකාශ කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව කැඳවා තිබූ අතර අවසානයේ හිටපු ජනාධිපතිවරයාට ඇප හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *