මහ රෑ හරිනි රනිල් බලන්න ගියා කීවේ තහවුරු කරගෙන…! – හිරු…

August 26, 2025 at 5:29 pm | by Namal

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය පැමිණි බවට සිය මාධ්‍ය ජාලය ප්‍රකාශ කළේ රෝහල් ප්‍රකාශකුගෙන් එය තහවුරු කර ගැනීමෙන් අනතුරුව බව එම මාධ්‍ය ජාලය පවසයි.

මෙරට මුල් බැස පවතින සමාජ සංස්කෘතික පසුබිම අනුව කිසිවෙකු රෝගාතුරු වූ විට සහ මරණයක් වූ විට දේශපාලන පක්ෂ පාට භේද නොතකා එකතු වීමෙහි කිසිදු වරදක් නොමැති බව ද එහි සඳහන් වෙයි.

කෙසේ වුව ද මෙම පුවත අගමැති කාර්යාල ප්‍රතික්ෂේප කරන අතර සිය මාධ්‍ය ජාලය එම පුවත සඳහා ද ප්‍රචාරයක් ලබා දුන් බව ද ඔවුහු සඳහන් කරති.

දේශපාලන අරමුණු උදෙසා තම මාධ්‍ය ජාලය අසත්‍ය පුවත් පළ කරන බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව ද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *