මේ නඩුවට රනිල්ට වඩා බයවෙන්න ඕන මාලිමාණ්ඩුව…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

August 26, 2025 at 10:23 am | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව නිසා වර්තමාන ආණ්ඩුව ද බිය විය යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

“මේ සිදුවීම නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස විතරක් නෙමෙයි, මේ ආණ්ඩුවේ අයත් බය වෙන්න ඕන. දැනටමත් කියලා තියෙනවා නෙ, ඒගොල්ලෝ බලයට ආවම අනුර කුමාර දිසානායකගේ ගනුදෙනු හොයනවා කියලා.

ඒක හොඳයි. ඒක තමයි වෙන්න ඕන. අනුර කුමාර දිසානායක විතරක් නිදහස් නෑනේ. අනුර කුමාර දිසානායක හෙලිකොප්ටරේ අම්මා බලන්න ගියා කියනවා. ඔව් ඒවා හොඳයි.”

මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *