පෙරටුගාමීන් මඩිමින් ජවිපෙට කිරි පෙව්ව රනිල්ට අද හිර බත් කන්න වෙලා…! – පාඨලී චම්පික රණවක…

August 25, 2025 at 7:32 pm | by Namal

අමිර්තලිංගම් වැනි දෙමළ නායකයන් කොටි සංවිධානය හුරතල් කිරීමෙන් සිදුකර ගත් විනාශය මෙන් විනාශයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජවිපෙ හුරතල් කිරීමෙන් සිදුකරගත් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අරගලයට පසු බලයට පත් රනිල් වික්‍රමසිංහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගනිමින් සම්පූර්ණ මර්දනයක් දියත් කළ ද ඊට වඩා භයානක ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණට නිදහසේ කටයුතු කිරීමට ඉඩදුන් බවට ද ඔහු චෝදනා කරයි.

රටේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට පැමිණි බිමල් රත්නායක, කේ.ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති වැනි කිසිවෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ නීතිය ක්‍රියාත්මක නොකළ බව ද පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.

මහ පොළොවේ ජනතා විමුක්ති පෙරමුණට තරඟයක් ලබා දීමට තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මර්දනය කිරීම ඔස්සේ හිටපු ජනාධිපතිවරයා කළ බලවත් වරදට අද ඔහුට වන්දි ගෙවීමට සිදුව ඇති බව ද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *