රට ගොඩගත් රනිල් වහා නිදහස් කරනු…! – එරික් සොල්හයිම්…

August 25, 2025 at 9:23 am | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලාංකික, දකුණු ආසියානු සහ ලොව පුරා නායකත්වය සමග තමන් එකතු වන බව හිටපු නෝර්වේජියානු විදේශ සබඳතා අමාත්‍ය, ශ්‍රී ලංකාවේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තමන් අවධානයෙන් සිටින අතර 2022 වසරේ සම්පූර්ණයෙන් බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ බවත් ඔහු අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහට එරෙහිව එල්ල කරන චෝදනා පදනම් විරහිත වන අතර ඒ කිසිවක් යුරෝපයේ පවා නීති විරෝධි කටයුතු නොසලකන බවත් එරික් සොල්හයිම් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට සිය උපරිම සහයෝගය ලබා දෙන බවත් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය කළයුතු බවත් ඔහු පෙන්වා දෙන්නේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *