පොදු දේපළ පනත හඳුන්වා දුන්නේ පසුගිය භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
එහි දී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තව දුරටත් ඇප ලබා නොදී තබා ගැනීම සඳහා මෙම පනත භාවිත කළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙත් අද එය වෙනත් අර්ථයකින් භාවිත කරන බවත් ජනාධිපති ලේකම්වරයාගේ නිල රථය බිරිඳගේ ගමන් බිමන්වලට ලබා දෙන විට ක්‍රියාත්මක නොවන එම නීතිය තමන්ට කිසිවෙකු දඩයම් කිරීමට උවමනා විට භාවිත කරන බවට ද විමල් වීරවංශ චෝදනා කරයි.
කළ යුත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සියලු ප්‍රතිපත්ති එලෙසම ක්‍රියාත්මක කරන අතර ඔහු සිරගත කිරීම නොව ඔහුගේ ප්‍රතිපත්ති සිරගත කිරීම බව ද ඔහු සඳහන් කරයි.
ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විමල් වීරවංශ මේ බව කීය.