ආණ්ඩුවේ ගර්ජනයට හිස නොනමා තැපැල් වර්ජනය අඛණ්ඩව… ජෝෂප් ස්ටාලිනුත් කැහැපොට ගහයි…!

August 23, 2025 at 8:22 am | by Namal

ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත් අද (23) ක්‍රියාත්මක වේ.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරයි.

වර්ජනය අවසන් කර සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකන බවට තැපැල්පතිවරයා ලිපියක් යොමු කළ ද තැපැල් සේවකයන් ඊට අනුගත වන බවක් දැකගත නොහැකිය.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අනතුරු අඟවන්නේ තැපැල් වෘත්තීය සමිති මර්දනයට ආණ්ඩුව කටයුතු කළහොත් සියලු වෘත්තීය සමිති පාරට බස්සන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *