අද රනිල් අත්අඩංගුවට ගන්නා බව ඊයේ යූටියුබ්කාරයෙක් දන්නේ කොහොමද….! – සජිත්…

August 22, 2025 at 6:45 pm | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පෙර යූ ටියුබ්කරුවෙකුට පුරෝකථන පළ කළ හැකිදැයි විමසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබමින් විරෝධය පළ කර ඇත.

එමෙන් ම, මෙම සිදුවීම අහම්බයක් විය නොහැකි බවත් මෙම අත්අඩංගුවට ගැනීම පෙර සිටම සැලසුම් කළ ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි තත්ත්වයකට පත්ව ඇත්නම් නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කරන ලද දුක්බර දවසක් බවට අද දිනය පත්වන බව ය.

යූ ටියුබ්කරුවෙකු විසින් ඊයේ (21) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද දිනයේ අත්අඩංගුවට ගන්නා බවත් ඔහු දින 14 කට රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් කළ ප්‍රකාශයට විපක්ෂ නායක මෙලෙස සිය විරෝධය පළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *