හිටපු පොලිස්පති අත්අඩංගුවට…. අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප වෙයි…!

August 20, 2025 at 4:15 pm | by Namal

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා ගොනුකළ අපේක්ෂිත ඇප ඉල්ලුම්පත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ( 20) පෙරවරුවේ ඉදිරිපත් කළේය.

කෙසේ වුව ද එම අපේක්ෂිත ඇප ඉල්ලුම් පත අද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *