මේ ආණ්ඩුව අවුරුද්දකින් පෙරළන එක ප්‍රඥාගෝචර නැහැ….! – සුසිල් ප්‍රේමජයන්ත…

August 20, 2025 at 4:07 pm | by Namal

විශාල ජන බල­ය­කින් බල­යට පත්වුණු ආණ්ඩු­වක් අවු­රු­ද්දක් යන­විට පෙර­ළන්න උත්සාහ කිරීම ප්‍රඥා ගෝචර නැතැයි හිටපු ඇමැති සුසිල් ප්‍රේම­ජ­යන්ත පවසයි.

“විශ්වා­ස­භංග යෝජනා තනි තනි­යම ගේන්න පළ­මුව විප­ක්ෂය විදි­යට තමන් පැහැ­දිලි ප්‍රති­ප­ත්ති­මය තීන්දු­ව­ලට එන්න ඕනෑ. තැන් තැන්වල රැස්වු­ණාට වැඩක් නැහැ. එක පොදු අර­මු­ණ­කට එන්න ඕනෑ. ඒ සඳහා ඉඩ­කඩ තියා­ගෙ­නයි වැඩ කරන්න ඕනෑ.

ජන­තාව වත්මන් ආණ්ඩු­වට වසර 5කට බලය දුන්නේ ඔවුන්ගේ ප්‍රති­පත්ති මාලාව ක්‍රියා­ත්මක කරන්න. විශාල ජන බල­ය­කින් බල­යට පත්වුණු ආණ්ඩු­වක් ඇවිත් අවු­රු­ද්දක් යන­කොට පෙර­ළන්න යන එක ප්‍රඥා ගෝචර නැහැ කිය­ලයි මම හිතන්නේ.

ජන­තාව බල­යක් දීලා තියෙන්නේ ඒ අයගේ ප්‍රති­පත්ති පිළි­ අ­ර­ගෙ­නයි. ඒ නිසා ආණ්ඩු­වට ඉඩ දෙන්න ඕනෑ. විප­ක්ෂයේ දේශ­පා­ලන පක්ෂ එක­මු­තු­වෙන් සැක­සුව දේශ­පා­ලන නොවන වේදිකා ඉති­හා­සයේ සිට පැව­තුණා.

අපි අතරේ සිටින සම­හර විද්ව­තුන්, විවිධ ක්ෂේත්‍ර­වල ප්‍රවී­ණ­යන් දේශ­පා­ලන පක්ෂ­ව­ලට බැඳිලා කට­යුතු කරන ප්‍රව­ණ­තා­වක් නැහැ.”

ඔහු මෙසේ පැව­සුවේ කොළ­ඹදී පැවති වැඩ­මු­ළු­ව­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *