ශ්‍රී ලංකාව නැවතත් පොහොසත් රටක් කිරීමට අවශ්‍යතාවක් ඇති මිනිසුන් වෙනුවෙන් ඔබේ ඡන්දය භාවිත කරන ලෙස ලෝක ප්‍රසිද්ධ මුල්‍ය උපදේශකයකු මෙන්ම ගත් කතුවරයකු වන රොබට් කියෝසකි පවසයි.
මිලියන 40කට වැඩි පිටපත් විකිණී ඇති”Rich Dad Poor Dad” ව්‍යාපාරික අධ්‍යාපන ග්‍රන්ථයේ සම කතුවරයා වන ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති “Cashflow Revolution Sri Lanka 2025” වැඩසටහනේ දීය.
රොබට් කියෝසාකී විසින් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර උණසුම් ලෙස පිළිගත් අතර දෙදෙනා අතර සුහද කතාබහක් ද සිදුවිය.
රොබට් කියෝසාකී විසින් රචිත “Rich Dad Poor Dad” ග්‍රන්ථය එහි දී දිලිත් ජයවීරට ප්රදානය කළ අතර සර්වජන බලය විසින් සම්පාදනය කළ ව්‍යවසායකත්ව රාජ්‍යය උපායමාර්ගික වැඩපිළිවෙළ මන්ත්‍රීවරයා විසින් රොබට් කියෝසාකී වෙත පිළිගැන්වීමත් මෙහි දී සිදුවිය.
මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාරික අවස්ථා, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා මූල්‍ය අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ ගැඹුරු සංවාදයක් ද පැවැත්විණ.