මුදල් අච්චු ගැහුවා කියලා උද්ධමනය ඉහළ යන්නේ නෑ…! – නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන….

August 19, 2025 at 9:15 am | by Namal

මුදල් අච්චු ගැසීම සිදුවන්නේ රටේ අවශ්‍යතාව අනුව බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය සෑම අවුරුද්දකම සිදුවන සාමාන්‍ය දෙයක් බවයි.

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි නොවන බවත් මේ වන විට බඩු මිල ස්ථාවර වී ඇති බවත් ප්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.

ගත වූ මාස 10කට ආසන්න කාලය තුළ ආණ්ඩුව රු. ට්‍රිලියන 1.225ක මුදලක් මුද්‍රණය කිරීම පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස