මුලතිව් මුත්තයාන්කට්ටු හමුදා කඳවුරට ඇතුළු වීමට ගොස් පුද්ගලයෙකු මිය යෑම පිළිබඳ පරීක්ෂණ සඳහා හමුදා සෙබළු තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සිවිල් පිරිසක් හමුදා කඳවුරේ යකඩ සොරකම් කිරීම සඳහා ඇතුළු වී ඇති බව ප්‍රකාශ වන අතර ඊට අනුබල දීමේ චෝදනාව මත හමුදා සෙබළුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවයි.
එසේම එම පිරිස නැවත පළා යාමේ දී අයකු දියේ ගිලී මිය ගොස් ඇති බවත් ඔවුන්ට පහර දුන්නා යැයි කියන හමුදා සෙබලා ද විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමගින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදාළ පුද්ගලයා හමුදාවේ ද යන්න පවා නොසලකා නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ද ජනතාව තුළ භීතියක් ඇති කර ගැටුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.
මෙය කිසිසේත් අතීතයේ සිදු වූ ආකාරයේ ජාතිවාදී ක්‍රියාවක් නොවන අතර කිසිවෙකු අනවසරයෙන් හමුදා කඳවුරට ඇතුළු වීමට උත්සාහ කළේ නම් පළවා හැරීමට හමුදාවට සිදුවන බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
මෙම සිදුවීමට අසත්‍ය අර්ථකතන දෙමින් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ හර්තාලයකට සූදානම් වන බවට ද ඔහු චෝදනා කළේ, මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමිනි.