පළාත් සභා ඡන්ද තියන්න බෑ.. ඡන්දේ තියන්න නීතිත් නෑ… ආණ්ඩුව නීති හදන පාටකුත් නෑ…!

August 17, 2025 at 2:59 pm | by Namal

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ඊට අදාළ මැතිවරණ නීතිය සංශෝධනය නොවීම නිසා බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

පළාත් සභා මැතිවරණය දැනට වසර අටක් ප්‍රමාද වී ඇති අතර වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වහා ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පවත්වන බවයි.

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය එම නීති සංශෝධනය ගෙන ආ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

මේ බව වගකිවයුතු අංශවලට දැනුම් දී ඇතත් මේ දක්වා එම සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කර නොමැති බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස