නි. ඇමති නාමල්ට සරත්ට ගොවීන්ගෙන් කුණු බැනුම්… ගුටි නොකා බේරෙයි…!

August 16, 2025 at 11:42 am | by Namal

කවුඩුල්ල ගොවි සමිතිය ඇතුළු ගොවි සංගම් නියෝජිතයන් සමඟ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න සහ නියෝජ්‍ය ඇමති ටී.බී. සරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජා සභාවක උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ ගොවි නියෝජිතයන් තම ගැටළු ඉදිරිපත් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ සාකච්ජාව සඳහා පැමිණ සිටි අයෙකු ගොවි සංවිධාන නියෝජිතයන්ට පරුෂ වචනයෙන් බැන වැදීම නිසා බව වාර්තා වෙයි.

මෙහිදි ගොවි නියෝජිතයන් චෝදනා කර සිටියේ මහා පරිමාණ සහල් මෝල් මාෆියාවට එරෙහිව විපක්ෂයේ සිටියදී තමන් සමඟ එකට සටන් කළ නියෝජ්‍ය අමාත්‍යවරුන් දැන් බලය ලැබීමෙන් පසු ඒ වෙනුවෙන් ගනුලැබූ ක්‍රියාමාර්ග එකක් හෝ පවසන ලෙසයි.

එසේම කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කිරීමට පොරොන්දු වූවද ඒ වෙනුවෙන් ගනුලැබූ එක් ක්‍රියාමාර්ගයක් හෝ පවසන ලෙස ගොවි නියෝජිතයන් ඉල්ලා සිටියද නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊට නිසි පිළිතුරක් දීමට අසමත්වූ බවද වාර්තා වෙයි.

වී සඳහා මිලක් නියම කර ඇතැත් එම වී තොග ගෙන ගිය විට විවිධ හේතු දක්වා ආපසු හරවා එවන බවටද ගොවි නියෝජිතයන් මෙහිදි චෝදනා කළහ. එබැවින් වී කිලෝව රුපියල් 85 වැනි ඉතා පහළ මිල ගණන්වලට මිලදී ගෙන යන බවටද ඔවූහු චෝදනා කළහ.

කෙසේ වෙතත් මෙහිදි ගොවි නියෝජිතයන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බවට චෝදනා කිරීම සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙපොළ වෙතින් ද චෝදනා එල්ලවීම හමුවේ අදාළ සාකච්ජාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස