වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩය මේ සම්බන්ධයෙන් මැදිහත් කිරීම් සිදුකරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
නානු ඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ ලාභ ලබන ඩිපෝ සඳහා ඉදිරියේදී බෝනස් ලබාදීමට කටයුතු කරන බවය.