ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට හැකිවිය යුතුය යන්න මූලික මිනිස් අයිතිවාසිකමක් බව අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
“ඉස්සර ඕගොල්ලන්ට මතක ඇති, හැම තැනම තිබුණේ කහ පාට ගැහුණු හාලක්. බත් කන කොට කටින් කටට ගල් හැපෙනවා, වැලි හැපෙනවා. දැන් එහෙම හාල් වෙළඳපොලේ විකුණන්න බෑ, ඒ නිසා කවුරුවත් එහෙම හාල් දැන් නිෂ්පාදනය කරන්නේ නෑ. ඒ වෙනස කළේ අපි.
ඕකෙදී ව්‍යාපාරය විතරක් නෙවෙයි, ලාභය විතරක් නෙවෙයි. මගේ නම් අදහස මනුස්සයෙකුට හොඳ කොලිටි එකෙන් බත් ටිකක් කන්න ලැබෙන්න ඕනෙ කියන එක මූලික අයිතිවාසිකමක්.
ඕවා කොහේවත් ලියවිලා නොතිබුණාට ඒක මූලික අයිතිවාසිකමක් කියලා තමයි මම හිතන්නෙ. අන්න ඒ වැඩේ තමයි අපි කළේ.”
ඩඩ්ලි සිරිසේන මේ බව පැවසුවේ පසුගියදා පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.