ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය පවසයි.
2021 වසරේ ගෝලීය සාමාන්‍යයට වඩා 1.75 ගුණයකින් වැඩි මිලක් මෙරට වාහන සඳහා පැවතීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
මෙම දර්ශකයේ ගෝලීය මට්ටම 100 ලෙස සලකන අතර ශ්‍රී ලංකාවේ අගය 175ක් වන අතර එය සිංගප්පූරුව සහ මාලදිවයින හැර අනෙකුත් සියලුම රටවල් අභිබවා යයි.
ඉහළ ආනයන බදු සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් වාහනයක් මිල දී ගැනීම බොහෝ දෙනෙකුට ළඟා විය නොහැකි සිහිනයක් බවට පත්ව ඇත. මෙය රටේ සංචරණය ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහිද අහිතකර ලෙස බලපායි.
කෙසේ වෙතත් මෙම වාර්තාව සකසා ඇත්තේ 2021 දත්ත මත පදනම්ව වන අතර මේ වන විට මෙරට වාහන බදු පෙරට වඩා වැඩි කර ඇති බැවින් එම දර්ශකය යාවත්කාලීන කළහොත් ලංකාව තවත් ඉදිරියට ගමන් කරනු ඇත.