සංවිධානාත්මක අපරාධකරුවන්ට ඕනෑ අවශ්‍ය තරම් දේශපාලන රැකවරණය මෙතෙක් ලැබී තිබුණු බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
දැන් එම රැකවරණය අහිමි වීමත් සමග ඔවුන් විදේශගතව සැඟව ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
මේ වන විට එම අපරාධකරුවන් අතර බලය වෙනුවෙන් ගැටුමක් නිර්මාණය වී ඇති බවත් රට තුළ අපරාධ රැල්ලක් නැතත් අපරාධකරුවන් සමග සබඳතා ඇති ඇතැම් දේශපාලකයන් එය රැල්ලක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බව ද ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.