අපේ ඇමතිලා හිතලා බොරු කියන්නේ නෑ…. ආර්ථික දත්ත කියද්දි නිතර වරදිනවා…! – නි. ඇමති අනිල් ජයන්ත….

August 5, 2025 at 9:25 am | by emanisa.lk

2025 වසරේ සිය ආර්ථික වර්ධන ඉලක්කය ආර්ථික වර්ධන වේගය 5% ආසන්නයේ රඳවා තබා ගැනීම බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

ටී.බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වසරේ ආර්ථික වර්ධන වේගය 8.3%ක් යැයි ප්‍රකාශ කළේ චේතනාන්විතව බොරු කීමේ අදහසකින් නොවන බව ද ඔහු සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව රට භාර ගන්නා විට ඩොලර් බිලියන 5.9ක් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් යැයි කීවේ ද සංඛ්‍යා ලේඛන වැරදියට ඉදිරිපත් කිරීම නිසා බවයි, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ.

සිය ආණ්ඩුවේ කිසිදු මැති ඇමතිවරයෙකු චේතානාන්තවිත බොරු නොකියන බව ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනතාව කිසිවක් නොදන්නා මෝඩයන් යැයි සිතාගෙන මෙලෙස බොරු කීම නතර කරන්නේ කවදා දැයි ප්‍රශ්න කළ අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *