ශ්‍රී ලංකාව බෞද්ධ නෙමෙයි, බහු ආගමික රටක්…! – බුද්ධ ශාසන ඇමති…

August 3, 2025 at 12:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව බහු ආගමික බහු සංස්කෘතික රටක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.

එහෙයින් පාසලේ සිය ආගම 50-60%ක් සමග සෙසු ආගම් පිළිබඳ අවබෝධයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කරයි.

මේ වන විට ලොව ඇතැම් රටවල් ආගම සිය විෂය මාලාවෙන් ඉවත් කර ඇති බව ද ඇමති සුනිල් සෙනෙවි ප්‍රකාශ කරයි.

බුද්ධ ශාසන කටයුතු සඳහා වෙනම අමාත්‍යංශයක් වෙන් නොකිරීම බුදු දහම නොතකා හැරීමක් නොවන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමති සුනිල් සෙනෙවි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *