ඩඩ්ලි අඩු මිලට වී අරන් වැඩි මිලට හාල් වික්කේ ආණ්ඩුවේ වරදින්…! – කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත…

August 2, 2025 at 1:12 pm | by emanisa.lk

සහල් ගැරීමකින් තොරව ගල් වැලි නොහැපී බත් කටක් කෑමට හැකි ආකාරයට තාක්ෂණය ගෙනැවිත් සහල් කර්මාන්තය දියුණු කළේ ඩඩ්ලි සිරිසේන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එම දායකත්වය අගය කළ යුතු බවත් ඩඩ්ලි සිරිසේන ඇතැම් අවස්ථාවල අඩු මිලට වී මිලට ගෙන වැඩි මිලට සහල් විකිණීම වරදක් වුව ද ඊට වගකිව යුත්තේ මේ රටේ පැවති ආණ්ඩු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. එහෙයින් එම වැරදිවලට ඩඩ්ලි සිරිසේනට බැණ පළක් නොමැති බව ද හෙතෙම කියයි.

පසුගිය ආණ්ඩු යටතේ එම තත්ත්වය උදා වූයේ වී අලෙවි මණ්ඩලය, වී ගබඩා සහ සතොස අකර්මන්‍ය කිරීමට පසුගිය ආණ්ඩු කටයුතු කිරීම බවත් සිය ආණ්ඩුව යටතේ එම ආයතන නැවත සක්‍රීය වී කොට බවත් කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *