අරුණ ජයසේකර ඇමතිකම අතහැරිය යුතුමයි… ඔහු ගැන වෙනම විමර්ශනය කළ යුතුයි…! – සිරිල් ගාමිණී පියතුමා…

August 2, 2025 at 11:28 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පෙර සිදු වූ සයින්දමරුදු සිද්ධිය වන විට නැගෙනහිර පළාත් හමුදා ආඥාපති ලෙස කටයුතු කළේ වත්මන් නි. ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර බව කාදිනල්තුමාගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

සහරාන් කල්ලිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දේ සිදු කළේ නැගෙනහිර පළාතේ බවත් ඒ පිළිබඳ ආඥාපතිවරයා දැන සිටියේ නැද්ද යන්න සොයා බැලිය යුතු බවත් එතුමා ප්‍රකාශ කරයි.

එහෙයින් මෙම විමර්ශන ස්වාධීනව සිදුකිරීම සඳහා අරුණ ජයසේකර නි. ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව ද සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එකතු වෙමින් එතුමා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *