බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා ගැනීමට බව සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ පවසයි.
පසුගිය ආණ්ඩුව යටතේ විජේදාස රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා එරෙහි වී ඊට අත්සන් නොකළ එකම සාමාජිකාව හරිනි අමරසූරිය බව ද ඔහු පෙන්වා දෙයි.
එදා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා එරෙහි වූ හරිනි අමරසූරිය ම මෙදා එම ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ ළමයින්ට ඇති ආදරයකට නොව දෙසැම්බර් මාසයට පෙර ඩොලර් මිලියන 200ක මුදල වෙනුවෙන් බව ද චරිත් අබේසිංහ ප්‍රකාශ කරයි.
අවුරුදු 40ක් තිස්සේ මෙරට සියලු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙමින් රටේ අධ්‍යාපනය පස්සට ඇද දැමූ පිරිස අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පොරකන්නේ සද්භාවයෙන් නොවන බව ද ඔහු සඳහන් කරයි.