අපරාධකාරයෝ එක්ක සහජීවනෙන් ඉන්නවා නම් විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද ඕන නෑ…! – නාමල් රාජපක්ෂ…

August 1, 2025 at 5:17 pm | by emanisa.lk

ජනාධිපතිවරුන්ට කිසිදු බියක් සැකක් නොමැතිව රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නම් ඔවුන්ට විශ්‍රාමික වරප්‍රසාද තිබිය යුතු බවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ තීන්දුව ගැනීමට ද එය ශක්තියක් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

වත්මන් ජනාධිපතිවරයා ගන්නා බව කියන ඇතැම් තීන්දු තීරණ එතුමාට ද අනාගතයේ පාරාවළල්ලක් විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

මේ වන විට සංවිධානාත්මක අපරාධ රැල්ලක් රටේ ක්‍රියාත්මක වන බව ද එය මර්දනයට කටයුතු නොකර ඇඟ බේරා ගෙන විශ්‍රාම යෑමට ජනාධිපතිවරයා සිතන්නේ නම් විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමේ තීන්දුවක් ගත හැකි බව ද නාමල් රාජපක්ෂ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *