ඇමරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැන වූ අන්‍යොන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩු කිරීම සමග අලුත් අවස්ථාවක් උදාවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
“මේ අභියෝගත් එක්කම අලුත් අවස්ථාත් ලැබී තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටවල් දෙකටම.. අන්‍යොන්‍ය වශයෙන් අවශ්‍ය කරන ප්රතිලාභ මේ තුළින් ඉදිරියේදී අපිට උදාවෙන්නට නියමිතයි. මේක විශාල ජයග්‍රහණයක් විදියට තමයි රටක් ලෙස අපි දකින්නේ. මෙම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”