කතෝලික සභාව කිව්වට මම ඉල්ලා අස්වෙන්නේ නෑ… ආණ්ඩුව ඒක ගණන් ගන්නෙත් නෑ…! – නි. ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර…

August 1, 2025 at 11:04 am | by emanisa.lk

කතෝලික සභාව සිදු කරන ප්‍රකාශ අනුව තමන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් රජය ඊට ප්‍රතිචාර නොදක්වන බවත් අරුණ ජයසේකර පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාස්කු විමර්ශනවලට අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටීම බලපෑම් කළ හැකි බවට අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අරුණ ජයසේකර යුද හමුදා නැගෙනහිර ආඥාධිපතිවරයා ලෙස කටයුතු කළේය. එම විමර්ශන කටයුතු ස්වාධීනව සිදුකරන බවත් ඊට තමන්ගේ බලපෑමක් නොමැති බවත් ආරක්ෂක නි. අමාත්‍ය අරුණ ජයසේකර අවධාරණය කරයි.

අනිත්දා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *