ඇමරිකාව ලංකාවට පනවා ඇති 30%ක බද්ද ආසියානු රටකට පනවා ඇති අඩුම බදු ප්‍රතිශතය බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
ඇමරිකාව ලංකාවට බදු සහන ලබා දීමට විපක්ෂය අකමැති බවත් ඇමරිකාව 44%ක බද්දක් ලංකාවට පනවනවා නම් විපක්ෂය ඊට කැමති බවත් හෙතෙම සඳහන් කරයි.
ඇමරිකාව බදු පැනවූ අවස්ථාවේ රටේ ජනාධිපතිකම ලැබුණා සේ සජිත් ප්‍රේමදාස සතුටු වූ බව ද ටී.බී. සරත් ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.