දිනෙන් දින විශ්වාසය බිඳ වැටෙනවා… අපි හැම පැත්තෙන්ම ෆේල්… අති අසාර්ථකයි…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

July 31, 2025 at 9:11 am | by emanisa.lk

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය පිළිබඳ ජනතා විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සඳහන් කරයි.

“අවාසනාවට අපේ කර්මානන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය පිළිබඳ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙනවා.

ජාතික ප්‍රතිපත්තිමය වශයෙන් අපි ෆේල්. බදු ප්‍රතිපත්තිය ගත්තත්, ආයෝජන ප්‍රතිපත්තිය ගත්තත්, පරාටේ නීතිය පිළිබඳ ප්‍රතිපත්තිය ගත්තත් අපි අති අසාර්ථකයි. ඒකට අපට ටික කාලයක් යයි ඒ ප‍්‍රතිපත්ති ටික වෙනස් කරගන්න. මොකද රට තත්ත්වය අනුව තියෙන රාමුව ඇතුලේ අපි අපේ උපරිමය කරන්න තමයි දැන් උත්සාහ කරන්නේ.

දවසින් දවස එක් එක් කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල ගැටලු එක් එක් අමාත්‍යාංශ ගිහිල්ලා ලියුම් කීයක් ලියනවා ඇද්ද එක ප්‍රශ්නයක් විසඳගන්න. මේ පුංචි රටවල් කර්මාන්ත නැගීඒම වැළැක්වීමට දැවැන්ත මාෆියාවක් වැඩ කරනවා. ට්‍රේඩර්ස්ලා වැඩ කරනවා. ඒගොල්ලන්ට වෙළඳාම නිෂ්පාදනය එපා. දැවැන්ත රටවල් වැඩ කරනවා අපේ නිෂ්පාදනය නැති කරන්නේ.

ඒක නිසා කර්මාන්තකරුවන්ට ව්‍යවයකයන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ අමාත්‍යාංශය එක්ක හැප්පිලා ඇමතිත් එක්ක හැප්පිලා මේ ප්‍රශ්නය ගන්න බැහැ. මොකද අපිත් හැප්පෙන්නේ ඕගොල්ලොන්ට නොපෙනෙන දැවැන්ත බලවේගයෙක් එක්ක.

සියලුම රාජ්‍ය ව්‍යසාය රටට බරක් නොවන්න රාජ්‍ය පෞද්ගලික පවුල්කාරීත්වය හරහා ගොඩනගන මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ශක්තිමත් පදනමත් දාන්න සංවර්ධන බැංකුවක් හදන්න.”

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (30) කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *