නිර්ප්‍රභූ ඇමතිලගේ ඉංග්‍රීසිවලට හිනාවෙන්නේ ප්‍රභූන්ගේ කොන්ත්‍රාත්කාරයෝ…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

July 30, 2025 at 2:11 pm | by emanisa.lk

නිර්ප්‍රභූ දේශපාලනයට පිවිසෙන අය තුළ ප්‍රභූත්වය කරා නැග ගැනීමේ ආශාවක් ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

එය ගැටලුවක් වුව ද දේශපාලනය නිර්ප්‍රභූකරණය සඳහා ඇති එකම මාර්ගය එය බව ද හෙතෙම අවධාරණය කරයි.

නිර්ප්‍රභූ දේශපාලනයේ මැති ඇමතිවරුන්ගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳ විවේචනය කරන්නේ ප්‍රභූ දේශපාලනයේ කොන්ත්‍රාත්කරුවන් බව ද ඔහු පෙන්වා දෙයි.

නිර්ප්‍රභූ දේශපාලනය සඳහා වූ ගමන නැවතීමට උත්සාහ කරන බලවේග පරාජය කළ යුතු බව ද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *