දේවස්ථානයට පහර දුන් මාලිමා සංවිධායක අත්අඩංගුවට… ලක්ෂ 50ක දේව ප්‍රතිමාවත් වනසලා…!

July 27, 2025 at 7:07 pm | by emanisa.lk

කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායක ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ඊයේ (ජුලි 26) අත්අඩංගුවට ගෙන තිබේ.

කයිට්ස්, මෙලින්ජිමුනායි නාරායම්පති මාතා දේවස්ථානයේ පිහිටුවා තිබූ රුපියල් මිලියන 5ක් පමණ වටිනා කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවක් කඩා දැමීම සම්බන්ධයෙන් දේවස්ථානයේ පූජකවරයා විසින් කයිට්ස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ සවස දේවස්ථානයට යාබද ස්ථානයක පිරිසක් මත්පැන් සාදයක් පවත්වා පිරිස කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් දේවස්ථානයේ පූජකවරුන් විසින් ඔවුන්ගෙන් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා තිබේ.

මෙම අවස්ථාවේදී පූජකවරුන් සමඟ ගැටුමක් ඇති කරගත් සැකකරුවන් පිරිසක් රාත්‍රියේ දේවස්ථානයට ඇතුළු වී ඉන්දියාවෙන් ගෙන්වා සවි කර තිබූ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවට සහ දේවස්ථානයේ තවත් දේපළවලට ද අලාභහානි සිදු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා වරද පිළිගෙන ඇති අතර, ඔවුන් නිදහස් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත්, කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *